අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය පුරා ලැව් ගිනි ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. එහි වැසියන් දහස් ගණනක පිරිසක් මේ වන විට ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස්ඇන්ජලීස් නගරයෙහි වයඹ දෙසින් ලැව් ගින්න ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව, ප්‍රාන්ත බලධාරීන් පවසනවා.
කැන්යොන් ලෙස හදුන්වනු ලබන මෙම ලැව්ගින්න අධික උෂ්ණත්වය සහි වියළි කාලගුණය හේතුවෙන්, ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි, ඔවුන් කියා සිටියේ. එහි පදිංචිකරුවන් දහස් ගණනක පිරිසක් කඩිනමින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ලැව්ගින්න මේ වන විට අක්කර 5000 කට ආසන්න භූමි ප්‍රදේශයක් දක්වා පැතිර ගොසින්. ‘වෙන්චුරා’ නගරය ද ලැව් ගින්නෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බව සඳහන්.
එහි පදිංචිකරුවන් 2,700 කට වැඩි පිරිසකට ඉන් ඉවත් වීමටයි, බලධාරීන් දැනුම් දී ඇත්තේ. තවත් 14,000 ක පමණ පිරිසකට එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ලැව්ගින්නෙන් සියයට 25 ක පමණ ප්‍රමාණයක් මේ වන විට පාලනය කිරීමට ඔවුන් සමත්ව ඇති බවයි, වාර්තා වන්නේ.
ලැව්ගිනෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. ඉදිරි දිනයන්හිදී, කැලිෆෝනියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ඉක්මවා යනු ඇතැයි, එරට කාලගුණ විද්‍යා අංශ පුරෝකථනය කර තිබෙනවා.
