
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද “කැස්බෑව ප්‍රාදේශීය රැකියා පොළ – 2025” පසුගියදා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා සහභාගි වෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙසේ පැවසීය. “වර්තමානයේ මේ ආකාරයෙන් රැකියා පොළවල් තියන්න අවශ්‍ය නැහැ, ඒ සඳහා සුදුසු අය සූදානම් කරලා තිබුණා නම්. මෙතෙක් පැවැති රටේ අධ්‍යාපන ක්රමයේ වෙනස ඒක. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපි වෙනම වෘත්තීය විෂයක් මේ සඳහා හඳුන්වා දෙනවා. එතකොට සෑම දරුවෙක්ම කුමන හෝ වෘත්තීය සුදුසුකමක් හදාරලා තමයි පාසැලෙන් පිටවෙන්නේ.”
පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් ලබා ගැනීම, විදේශ රැකියා සඳහා නියෝජිත ආයතන හමුවීමේ අවස්ථා, වෘත්තීය පුහුණු අවස්ථා, ව්‍යවසායකත්වය සඳහා මඟ පෙන්වීම, වෘත්තීය මාර්ගෝපදේශන සේවා ලබාදීම ඇතුළු සේවාවන් රැසක් රැකියා පොළට සහභාගී වූ තරුණ පිරිස වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
විවිධ ක්ෂේත්රයන්හි රැකියා සපයන පෞද්ගලික සහ රාජ්‍ය ආයතන 25ක්, වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 15ක් පමණ මෙම රැකියා පොළ සඳහා සම්බන්ධවී සිටිනු දක්නට ලැබිණි.
මෙම අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත, සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.අයි. ඕපනායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.