කියෙව් අගනුවරට රුසියාවෙන් පිට පිට ප්‍රහාර

යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඊයේ රාත්‍රියේ එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය අය අතර හය හැවිරිදි පිරිමි ළමයෙකුද වනවා.

ප්‍රහාරයෙන් මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටි ඇති අතර, සුන්බුන් අතර තිබී මළසිරුරු 3 ක් සොයා ගැනුණා.

යුක්‍රේන අගනුවර ස්ථාන රැසකට හානි සිදුවී ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි යුක්‍රේන හමුදාව සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් කඩා වැටුණු මහල් නිවාස සහ ගොඩනැගිලි වල සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක බව යුක්‍රේන බලධාරීන් පවසනවා.

ප්‍රහාරයේදී කියෙව් අගනුවර උසස් අධ්‍යාපන ආයතනයක්, පාසලකට සහ ළදරු පාසලක් හානි වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.