“කුරුදුවත්තේ ‍පොඩ්ඩා”කටුනායක ගුවන්තොටුපොළේ දී අල්ලයි

‍සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන හික්කඩුව ලියනගේ සහන් සිසිකැළුම් හෙවත් “කුරුදුවත්තේ ‍පොඩ්ඩා” නැමැත්තා, කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින්. ඔහු ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් පසු, ඊයේ රාත්‍රි මෙලෙස අත්අඩංගුවට ගත් බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳන්කළේ‍.

වැලිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු, මාතර සහ පානදුර ප්‍රදේශවල මිනිමැරුම් සහ මංකොල්ලකැම් රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවෙක්. ඔහු දැනට අත්අඩංගුවේ සිටින “හරක්කටා” නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු වන “මිදිගම චූටි” නැමැත්තාගේ සමීපතමයෙකු බව, පොලිසිය පවසනවා. සැකකරු, වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසයට බාර දී තිබෙනවා. එම කොට්ඨාසය මගින් සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.