කුලියාපිටියේ මාරක අනතුරක් – තිදෙනෙක් මරුට

කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත.