කුවේටයේ අමෙරිකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වැසේ

කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව, එම තානාපති කාර්යාලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කලාපය තුළ උද්ගතව ඇති යුදමය ආතතිය හේතුවෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ.‍

මේ අනුව සියලුම නිත්‍ය සහ හදිසි කොන්සියුලර් හමුවීම් අවලංගු කර ඇති බව, තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටිනවා.

අද දින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ‍කුවේට් ඇතුළු මැදපෙරදිග බොහෝ ‍ප්‍රදේශවල සිටින තම අමෙරිකානු වැසියන්ගෙන් ඉල්ලා සිටියේ උද්ගත විය හැකි ආරක්ෂක අවදානම හේතුවෙන් වහාම ඉවත්වීමට කටයුතු ‍කරන ලෙසයි.

අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා තුනක් එරට තුලට කඩාවැදුණු බව, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයට එක් රැයක් තුළ ඩ්‍රෝන යානා දෙකක් එල්ලවී ඇති අතර ඉන් අනතුරුව කුවෙට් හි තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධිකරණය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි ප්‍රතිචාර ඒකකයක්.

විමසීම් : 0117 44 56 41 සහ 0112 20 72 50

වට්ස්ඇප් අංකය : 0777 18 95 52

විද්‍යුත් ඊමේල් ලිපිනය : [email protected]

074 25 95 546 ඔස්සේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයත්,

071 98 02 822 හා 1989 යන දුරකතන අංක