අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනාට සහ බෑනාට එරෙහිව ඇති නඩුව ඔක්තෝබර් 01 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද දින නියම කළා.
නඩුව කැඳවූ අවස්ථාවේ නඩු විභාගය සඳහා අවශ්‍ය බවට විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් විත්ති පාර්ශවයට විවෘත්ත අධිකරණය හමුවේදී භාර දෙනු ලැබුවා.
තවත් අවශ්‍ය ලේඛන වේනම් ඒ සම්බන්ධව සති දෙකක් ඇතුලත අධිකරණයට දන්වා සිටින ලෙස විත්ති පාර්ශවය නියම කළ විනිසුරුවරිය නඩුව යළි ඔක්තෝබර් 1 වැනිදා කැඳවීමට දින නියම කළා.
2020 වසරේ අගෝස්තු මස 13 වැනිදා සිට 2024 වසරේ ජුනි මස 24 වැනිදා දක්වා කාලය අතරතුරදී ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයා ගැනීම තුළින් ලංකා දණ්ඩ නිතී සංග්‍රට යටතේ ගැනෙන වැරැදි සිදු කර ඇතැයි චෝදනා පත්‍රය මඟින් විත්තිකරුවන්ට චෝදනා කර තිබෙනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වැයිහේන, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.
