කෙහෙළිය පවුලට අද ලැබුණ නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමටද නියම වුණා.