කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ අද (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ
කොටහේන, 06 වන පටුමග ප්‍රදේශයේදී ඊයේ (18) දින රාත් පුද්ගයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට කොටහේන පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
