රුපියල් කෝටි 05කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 309 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු, වත්තල, බංගලාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා පොලිසිය මගින් දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව, ඊයේ සවස් කාලයේ සිදුකරන ලද වැටලීමකදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49 යන වයස්වල පසුවන, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් විසින් කුලී පදනම මත ලබා ගත් නිවසක කාමරයක් තුල සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
