ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

ගන්දර, සිංහාසන පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තැබීමේ සිද්ධියට අදාලව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (07) දින ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු දෙදෙනෙකු සමඟ ඉදිරිපත් වීමෙන් පසු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ගන්දර පොලිස් ස්ථානය හා මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 26, 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *