
ගම්පොළ නගර සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේදී ඡන්ද 19 ක් ලබා ගත් සමගි ජන බලවේගයේ ඉරුක මිහිරාන් වීරරත්න මහතා සභාපතිවරයා ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ චමින්ද සූරිය කුඹුර මහතා උපසභාපති වරයා ලෙසත් නිතරඟයෙන් තේරී පත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ගම්පොළ නගර සභාව සඳහා පිළිගත් පක්ෂ හතකින් අපේක්ෂකයන් 217 දෙනෙකු තරඟ කල අතර එයින් සමගි ජන බලවේගය කොට්ඨාසය 11 ක් ද ජාතික ජන බල වේගය කොට්ඨාසය දහයක්ද එක්සත් ජාතික පක්ෂය 4 ක්ද ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ 01 ක්ද එක්සත් නිදහස් සන්ධානය ආසන්න දෙකක්ද සර්වජන පෙරමුණ ආසන 01 ක්ද දිනා ගනු ලැබීය.
ඒ අනුව කිසිවකුටත් බහුතර බලයක් නොලබූ නිසා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ නගර සභා සභාපති තෝරා පත් කර ගැනීමට පියවර ගනු ලැබීය.
එහිදී ජාතික ජනබල වේගය විසින් රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර එයට විරුද්ධ වූ අනෙකුත් පක්ෂ සමාජිකයන් මේ සඳහා විවෘත චන්දයක් ඉල්ලනු ලැබීය.
ඒ අනුව කුමන ඡන්දයක් පැවැත්විය යුතුද යන්න සභා එකඟතාවයෙන් රහස් චන්දයක් පැවත්වූ අතර ඇති එහිදී රහස් චන්දයක් ඉල්ලු ජාතික ජන බලවේගය ඡන්ද දහතුනක්ද විවෘත ඡන්දයක් ඉල්ලූ අනෙකුත් කණ්ඩායම් ඡන්ද 16 ක්ද දිනාගනු ලැබීය.
මෙහිදී විපක්ෂයේ ඡන්ද තුනක් ජාතික ජනබල වේගයට ලැබී තිබුණි.
පසුව තැබූ විවෘත ඡන්දය අනුව සමඟි ජනබල වේගයේ අපේක්ෂකයා ඡන්ද 19 ලබාගත් අතර ජාතික ජන බලවේගය අපේක්ෂක වෛද්‍ය රෝහණ රත්නායක මහතා ඡන්ද 10 ක් ලබා ගනු ලැබිය.
ඒ අනුව සභාපතිවරයා ලෙස ඡන්ද දහනමයක් ලබා ගත් සමගි ජන බලවේගයේ ඉරුක මිහිරාන් වීරරත්න මහතා තේරීපත් වු අතර උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ චමින්ද සූරියකුඹුර මහතා නිතරඟයෙන් පත්විය.