ග්‍රීසිය, ස්පාඤ්ඤයේ ගිනි නිවන්න යුරෝපා සංගමයෙන් ගුවන් යානා 2ක්

ග්‍රීසියට සහ ස්පාඤ්ඤයට බලපා ඇති ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමය ගිනි නිවන ගුවන් යානා දෙකක් ස්පාඤ්ඤය වෙත යවා තිබෙනවා.

ඊයේ දිනය වනවිට ලැව් ගිනි තත්වය හේතුවෙන් පුද්ගල මරණ තුනක් සිදුව තිබු බවයි වාර්තා වන්නේ.

ලැව් ගිනි හේතුවෙන් තුවාල ලැබූවන් සහ අවතැන්වූවන් දහස් ගණනක් වාර්තා වී තිබෙනවා.

ආපදා සහන වැඩපිළිවෙළ යටතේ යුරෝපා සංගමය විසින් මෙම ගුවන් යානා යැවීමට කටයුතු කර ඇති බව සඳහන්.

ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ එළඹෙන සඳුදා තෙක් උණුසුම් තාප තරංග, කලාපය පුරා පැතිර යෑමේ අවදානමක් තවදුරටත් පවතින බවයි.

බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොසින්.

ග්‍රීසියේ ප්‍රදේශ රැසකට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් මේ වනවි‍ට අක්කර 25,000 කට අධික භූමි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.