නුවරඑළිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාලගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත ඉකුත් සති අන්තයේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑළිය මහ නගර සභාවේ උපදෙස් පරිදි මෙම තාවකාලික තහනම පනවා තිබෙනවා.
පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවත්නා බවයි බෝට්ටු හිමියන් කියා සිටින්නේ.
