ගාලු කොටුව

ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදි කර ඇති නව අධිකරණ සංකීර්ණය තුළ දැනට ගාලු කොටුවේ පවත්වාගෙන යනු ලබන මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය ස්ථාපිත කර, එම ගොඩනැගිලි රාජ්‍යපෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ගාල්ල කොටුව නැරඹීම සඳහා සහ තම විවේකී කාලය එහි ගත කිරීම සඳහා වසරකට ලක්ෂ 03කට අධික දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙයි.