ගාසාවේ වීඩියෝ බටහිර නායකයින් හෙලාදකී

Palestinians carry bags and folded cardboard boxes as they return from a food distribution point run by the US and Israeli-backed Gaza Humanitarian Foundation (GHF) group, near the Netsarim corridor in the central Gaza Strip on August 2, 2025. Aid agencies have warned that Gaza’s population is facing a catastrophic famine, triggered by Israeli restrictions on aid. (Photo by Eyad BABA / AFP) (Photo by EYAD BABA/AFP via Getty Images)

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ වීඩියෝව බටහිර නායකයින් හෙලාදැක තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ, රතු කුරුස සංවිධානයේ නිලධාරීන්ට ප්‍රාණ ඇපකරුවන් වෙත ලඟා වීමට අවසර දෙන ලෙසයි.

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය පසුගිය බ්‍රහස්පතින්දා එක් ප්‍රාණ ඇපකරුවකුගේ වීඩියෝවක් ප්‍රකාශයට පත් කළා‍. අනතුරුව හමාස් සංවිධානයද ඉකුත් සෙනසුරාදා තවත් ප්‍රාණ ඇපකරුවකුගේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.  එම දර්ශන නිකුත් කිරීමෙන් පසුවයි යුරෝපා නායකයින් මෙම ඉල්ලීම් කර ඇත්තේ. හමාස් සංවිධානය, ප්‍රාණ ඇපකරුවන් කුසගින්නේ තබන බවට ඊශ්‍රායල නායකයින් චෝදනා කරන අතර, ඒම චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. හමාස් සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ආහාර අර්බුදය මධ්‍යයේ ප්‍රාණ ඇපකරුවන් ආහාරයට ගන්නේ සටන්කරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ ආහාර බවයි. යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ළමුන් 93 දෙනෙකු ඇතුළු 175 දෙනෙකු මන්දපෝෂණයෙන් මිය ගිය බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටිනවා. වීඩියෝවල දක්නට ලැබෙන  21 හැවිරිදි බ්‍රස්ලාව්ස්කි සහ 24 හැවිරිදි ඩේවිඩ් 2023 ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී නෝවා සංගීත ලෙළේදී ප්‍රාණ ඇපයට ගත් අයයි. මීට පෙර අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් 251 දෙනාගෙන් 49 දෙනෙකු තවමත් හමාස් සංවිධානය භාරයේ පසු වනවා. ඊශ්‍රායලය පවසන්නේ මේ වන විට ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු මියගොස් ඇති බවයි.