ගාසා තිරයට සටන් විරාමයක් ඇති කිරීම සදහා ගාසා තීරයේ රඳවා සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඊශ්‍රායලය හමාස් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ෂක අංශවල බුද්දි තොරතුරුවලට අනුව, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 50 ක් පමණ රඳවාගෙන ඇති බව සදහන්.
එයින් පිරිසක් මියගොස් ඇති බවද හමාස් සංවිදානය සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු පමණක් තවමත් ජීවමානව සිටින බව ඊශ්‍රායලය ආරක්ෂක අංශ පවසනවා.
කටාර් සහ ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ නව සටන් විරාම සැලැස්මකට අනුව, දින 60 ක සටන් විරාමයක් තුළ එම ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් පමණ නිදහස් කිරීමට නියමිතයි. එයට මියගිය ඇපකරුවන්ගේ මලසිරුරු 18ක් සහ ජීවමාන ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු ඇතුලත්.
හමාස් සංවිධානය දැනටමත් එම යෝජනාව පිළිගෙන තිබෙනවා. එහෙත් ඊශ්‍රායල රජයේ ප්‍රකාශක ඩේවිඩ් මෙන්සර් පවසන්නේ පවසන්නේ ගාසාහි සටන් විරාමයක් ඇති කිරීම සදහා සියලුම රදවගෙන ඇති ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අවශ්‍ය බවයි.
මේ අතර, ඉදිරි දිනවලදී ගාසා නගරය අත්පත් කර ගැනීමේ හමුදා සැලැස්මක් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරේන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන්.
