ගලෙන් බිඳුණු වැව ගැටලාව වැවේ සඟවා තිබූ ජීව උණ්ඩ 1965ක් සොයා ගැනීමට පොලිසිය අද සමත් වුණා.
ඒ, පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනුවයි.
මීට පෙර ගැටලාව වැවේ තිබූ ජීව උණ්ඩ 5000කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණු අතර, අද සොයා ගැනුණේ, ටී 56 ගිනි අවි සඳහා යොදාගන්නා ජීව උණ්ඩ තොගයක්.
තවත් ගිනිඅවි උපකරණ කිහිපයක් ද සොයාගත් බව, පොලිසිය සඳහන් කළා.
