ගිලන්රථයක් අනතුරට

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අනතුරට පත් වීමෙන් එම ගිලන්රථයේ රැගෙන ගිය රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද (18) දින උදෑසන 11:00ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබූ ගිලන් රථයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස රෝදය ගිලන් රථයේ පසුපස රෝදයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් ගිලන් රථයේ පසුපස රෝදයට සහ සැහැල්ලු ලොරි රථයේ ඉදිරිපස රෝදයට අලාභ හානි සිදු වී තිබෙනවා.

බොලරෝ ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

නෝර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.