ගිලිහුනු යෂ්ටිය

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 x 4 සහය පිරිමි ඉසව්වේ මූලික වටයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

ඒ, අවසන් යෂ්ටි හුවමාරුවේදී යෂ්ටිය බිම ඇදවැටීම හේතුවෙන්.

තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ “ගුමී” නගරයේදී.

මීටර 100 x 4 පිරිමි සහය ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, දිනෙත් ඉඳුවර සහ චමෝත් බුද්දික යන ක්‍රීඩකයින්.

පළමු මූලික තරගය නියෝජනය කළ ශ්‍රී ලංකාව මෙහිදී තරගය අවසන් කළේ නැහැ. එහි පළමු ස්ථානය දකුණු කොරියාවටත් දෙවන ස්ථානය තායිලන්තයටත් හිමිවුණා.