මැදපෙරදිග යුදමය වාතාවරණය නිසා සිවිල් ගුවන් ක්ෂේත්‍රයට සියයට 55 ක්ව පැවැති බලපෑම මේ වනවිට සියයට 30 ක් දක්වා අවම වී පවතින බව, ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මැදපෙරදිගට ක්‍රියාත්මක වන ගුවන් ගමන් සේවාවන් රටවල් කිහිපයක් හැරුණු කොට නැවතත් ඔවුන්ගේ කාලසටහනට අනුව ක්‍රියාත්මකවීමට පියවර ගෙන ඇති බවයි. ඔහු මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කෘෂිකර්ම, ධීවර, සිවිල් ගුවන් සේවා සහ වරාය යන ක්ෂේත්‍රවල ඉදිරි කටයුතු පවත්වාගෙනයාම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
