ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සහ චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදු කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමඟ සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු දැනුම් දී ඇත.
