චීනවරාය ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

චීනවරාය, 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.