චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපතිවරයා අගමැතිනිය හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning (වන්ග් හුයිනින්) මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

ඒ ඊයේ(13) චීනයේ බෙයිජිං නගරයේදීයි.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයට ගොස් සිටින අවස්ථාවේදීයි.

රාජ්‍ය නායක දෙපළ ඇති කරගත් එකඟතාවයන් ශ්‍රී ලංකාව සමඟ එක්ව ක්‍රියාවට නංවාලීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Huning මහතා එහිදී අවධාරණය කළා.

දෙරට සබඳතාව නව මට්ටමකට ගෙන ඒමට ද අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළා.