හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන ඉන්ධන නෞකා සඳහා ගෙවීම් චීන යුවාන් මුදලින් සිදු කරන්නේ නම්, සීමිත තෙල් නෞකා සංඛ්‍යාවකට එම සමුද්‍රසන්ධිය හරහා ගමන් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ඉරානය සලකා බලමින් සිනවා. සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානය මේවන විට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනා ගමනය කළමනාකරණය සඳහා සිදු කරන නව සැලැස්මේ එක් අදියරක් ලෙසයි මෙය සැලකෙන්නේ.
ජාත්‍යන්තර තෙල් අලෙවි සම්පූර්ණයෙන්ම අමෙරිකානු ඩොලර් භාවිතයෙන් සිදු කෙරෙන අතර, සම්බාධක පනවා ඇති රුසියානු ඉන්ධන පමණක් රූබල් හෝ යුආන් මගින් ලෝක වෙළෙඳපොළේ වෙළෙදාම් සිදු කිරීම සාමාන්‍ය තත්වයයි. දිනකට තෙල් බැරල් මිලියන 20 ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින්, කලාපයේ මානුෂීය මෙහෙයුම් සඳහා මෙම නව සැලසුම් දැඩි බලපෑමක් සිදු කරනු ඇති බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා ඉදිරියේදී බොහෝ රටවල් එම කලාපයට යුද නැව් එවනු ඇති බවයි. විශේෂයෙන් ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට ගත් උත්සහයෙන් පීඩාවට පත් චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් ඒ සඳහා දායක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා. එමෙන්ම, ඉරාන වෙරළ තීරයට දැඩි ලෙස බෝම්බ හෙළන බවත්, ඉරාන බෝට්ටු සහ නෞකා විනාශ කිරීම අඛණ්ඩව සිදු කරන බවත් ජනාධිති ට්‍රම්ප් කියා සිටිනවා.
