ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු නව තානාපතිනි ප්‍රැට්‍රීෂියා පෙගෝ ගුවෙරා මහත්මිය අතර හමුවක් අද උදේ පැවැත්වුණා. ඒ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි. මෙහිදී දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණ සඳහා සහයෝගය ලබාදීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වුණා
