දීපාවලී දිනයේදී සෑම නිවසක්ම එළි කරමින් දැල්වෙන පහන් සිලෙන් මෙරට ජනතාව පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කෙරෙහි තැබූ අපේෂා ඉටු කිරීමට සියලුදෙනා එක්ව යන මාවත තව තවත් ඒකාලෝක වේවායි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, දීපාවලී දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකීය සහ ලෝවැසි සියලු හින්දු බැතිමතුන්ට සුබපැතුම් එක් කරමින්.
මෙම සැමරුමෙන් සංකේතවත් කෙරෙන්නේ, අයහපතට එරෙහි යහපත ජය ගැනීමයි.
මේ වන විට රට හමුවේ ඇති දැවැන්ත අභියෝගයක් මෙන්ම, ඉදිරි ගමනට අකුල් හෙලන විසල් බාධාකය වී ඇත්තේ, මත් උවදුරයි.
එය මැඩලීම සඳහා රජය මහත් වෑයමක නිරතව සිටිනවා.
සියලුදෙනාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් එය යහපත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය ලෙසින් ප්‍රවර්ධනය කිරීම රජයේ මෙම ප්‍රත්නයෙහි මුඛ්‍ය අරමුණ බවයි, ජනාධිපතිවරයා දීපාවලී දින සුබපැතුම් පණිවුඩයෙන් අවධාරණය කර ඇත්තේ.
