ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 4 වැනිදා සිට 6 දක්වා වියට්නාමයේ රාජ්‍ය චාරිකාවක නිරත වීමට නියමිතයි.
රාජ්‍ය චාරිකාව සිදු කෙරෙන්නේ, වියට්නාම ජනාධිපති ලුවොන් කියෝං මහතාගේ ඇරයුමකට අනුවයි.
ඒ සඳහා ජනාධිපතිවරයා 2025 අද (03) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමටයි නියමිතයි.
මෙම චාරිකාවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, වියට්නාම් ජනපති සහ අගමැති සමග නිල සාකච්ඡා පැවැත්වීමටත් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඇතුළු ජ්‍යේෂ්ඨ අමුත්තන් රැසක් ද මුණගැසීමටත්, නියමිතයි.
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක් පැවැත්වීමට ද නියමිත බවයි.
මෙම රාජ්‍ය චාරිකාවේ දී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙනු ඇති.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 55 ක් සපිරෙන බැවින්, මෙම රාජ්‍ය චාරිකාව දෙරට අතර ශක්තිමත් සබඳතාව තවදුරටත් තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද, නිවේදනයේ සඳහන්.
