ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන අ.පො.ස උසස් පෙළ විශිෂ්ට ප්‍රතිපලලාභීන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන පසුගියදා පැවැත්වුණා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
2023-2024 වසරවල උසස් පෙළ සමත් දරුවන් මේ සඳහා තෝරා ගැණුනා.
වැඩසටහනේදි උසස් පෙළ විෂයධාරා 6 න් ඉහළ ලකුණු ලබාගත් සිසුන් දස දෙනා බැගින් තෝරාගෙන රුපියල් ලක්ෂය බැගින් ඔවුන්ට මූල්‍යාධාර ලබාදීම සිදුකෙරෙනවා.
මෙය උතුරු පළාතෙන් ආරම්භ කෙරුණු අතර, නැගෙනහිර පළාතේදි පැවැත්වුණේ තුන්වන අදියරයි.
උත්සවය ඇමතු කථානායකවරයා කියා සිටියේ ජනාධිපති අරමුදල යනු පුද්ගලික අරමුදලක් නොව, රටේ ජනතාව සතුවූවක් බවයි.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලාල් රත්නසේකර, ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


