ජනපති ජපන් ව්‍යාපාරකයින් හමුවෙයි

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට විදේශ වෙළෙඳ සංවිධාන මූලස්ථානයේදි ජපානයේ ප්ර්මුඛ පෙළේ ව්යාරපාරිකයින් සමග ඊයේ වට මේස සාකච්ඡාවකට එක්වුණා. එහිදි ශ්රීය ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ සභාපති සහ ප්රආධාන විධායක නිලධාරි ඉෂිගුරො නොරිහිකො මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්රීි ලංකා ව්යාිපාරික සහයෝගිතා කමිටුවේ සභාපති සහ සමාගමේ සභාපති ෆුමිහිකො කොබයාෂි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී ශ්රීි ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනගමින් වංචා සහ දූෂණ පිටුදැකීමට වත්මන් රජය ගෙන ඇති පියවරද පැහැදිලි කළා. ශ්රී් ලංකාවේ ප්රකධාන ආර්ථික හවුල්කරුවෙකු ලෙස ජපානය සමඟ වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්යිතාව හා එමගින් අන්යෝ න්ය වශයෙන් හිමිවන ප්රනතිලාභ පිළිබඳව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. සාකච්ඡාවෙන් අනතුරුව පිරිස සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යක විජිත හේරත්, ජපානයේ ශ්රීු ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්රාධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසුරිය, යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.