ජනපති වියට්නාම සංචාරය අරඹමින් දිවයිනෙන් පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.  වියට්නාම ජනාධිපති ලූඔං කූඔං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම රාජ්‍ය සංචාරයට එක්වීය.  ජනාධිපතිවරයා මැයි 04 වැනි දා සිට මැයි 06වන දා දක්වා සිදුකරන වියට්නාම රාජ්‍ය සංචාරය අතුරතුරදී එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡාවල නිරතවීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිතව ඇත.  හෝ චි මිං නගරයේද මැයි 06 වැනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද පැවැත්වීමට නියමිතව ඇත.  මෙම සංචාරයේදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන්තැබීමටත්, ව්‍යපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා පවැත්වීමටත් අපේක්ෂිතයි.  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම රාජ්‍ය සංචාරය සඳහා ජනපති වරයා සමග එක්ව ඇත.