
රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයේ සිට ‘සී’ කාණ්ඩය දක්වා උසස්වීමක් ලබා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ අනුව ඔවුන් ලබන වසරේ රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. මේ කණ්ඩායම පිට පිට වසර 3කදී ඉදිරියට පැමිණීම කැපී පෙනේ.
පසුගියදා නිමාවූ රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයේ අනුශූරතාව දිනා ගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම මේ අවස්ථාව උදා කර ගත්තේය.
මේ තරගාවලියේ ශූරතාව පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම සතුවූ අතර, ජනමාධ්‍ය කණ්ඩායම අඛණ්ඩව වසර 3ක් අවසන් තරග වරම් හිමිකර ගැනීම කැපී පෙනිණි. එහිදී දෙවරක් ශූරතාව දිනා ගැනීමට ද ඔවුන්ට හැකි විණි. 2016 වසරේ ලෙදර් ක්‍රිකට් ආරම්භ කළ ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම 2023 වසරේ ‘එෆ්’ කාණ්ඩයේ ශූරයන් වූ අතර, 2024දී ‘ඊ’ කාණ්ඩයේ සම ශූරයන් බවට පත් විය.
මෙවර තරගාවලියේදී කණ්ඩායමේ ආරම්භක හා පිතිකරු කඩුලු රකින ක්‍රීඩක ප්‍රදීප් පෙරේරා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 357ක් රැස් කරමිනි. කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වූ ප්‍රසාද් නිරෝෂණ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 19කි.