
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ, දෙපාර්ශ්වයම සටන් විරාමය පවත්වා ගත යුතු බවයි.
අමෙරිකාවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් මෙම සටන් විරාම යෝජනාව සකස් කර තිබෙනවා.
නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන නේටෝ සමුළුව සඳහා පිටත්ව යාමට පෙර, ජනාධිපති ට්‍රම්ප් දෙපාර්ශවයම දැඩි ලෙස විවේචනය කළා.
ඔවුන් සටන් විරාමය උල්ලංඝනය කළ බවට ට්‍රම්ප් චෝදනා කළා. බෙන්ජමින් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දුරකථන සාකච්ඡා වලින් අනතුරුව ඊශ්‍රායලය හමුදාව සටන් විරාමය තහවුරු කර තිබෙනවා.
ඊශ්‍රායල මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ඊයල් සමීර් පැවසුවේ ඉරානයට එරෙහි මෙහෙයුමේ ප්‍රධාන අදියරක් අවසන් නමුත් මෙහෙයුම මුළුමණින්ම අවසන්වී නොමැති බවයි.
ඊශ්‍රායල මෙහෙයුම් මගින් ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් වසර කිහිපයකින් පසුබෑමට ලක් කර ඇති බව ඔහු මාධ්‍ය හමුවේ අවධාරණය කළා. මේ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ද සටන් විරාමය පිළිගෙන තිබෙනවා.
රාජ්‍ය මාධ්‍යවලට අනුව, ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග නිසා ඉරානය මත යුද්ධය බලහත්කාරයෙන් පටවන ලද බවත්, දින 12 ක ගැටුම අවසන් කිරීමට තීරණය කළේ ඉරාන ජනතාව බවත් ඔහු සිය පුරවැසියන් අමතමින් පවසා තිබෙනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාමය “ඓතිහාසික ජයග්‍රහණයක්” ලෙස විස්තර කර තිබෙනවා. ඊශ්‍රායලයට ප්‍රධාන තර්ජන දෙකක් වන න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන නතර කර ඇති බවත්, සිදුවිය හැකි ව්‍යසනයක් වළක්වා ඇති බවත් ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශවී නොමැති බවට පළවන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්‍ෂේප කරනවා.
එහෙත්, පෙන්ටනය පවසන්නේ, එම ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තාවකාලිකව අඩපන කිරීමට හැකිවූ බවයි.
අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ නොවූ බවත් එය මාස කිහිපයකට පමණක් ප්‍රමාද වූ බවත් පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය මගින් අනාවරණය කර ගෙන ඇතැයි බිබිසි මාධ්‍ය වාර්තා කරනවා. එහෙත්, ධවල මන්දිරය පවසන්නේ, එම බුද්ධි තොරතුරු මුළුමනින්ම අසත්‍ය බවයි.
මුල් බුද්ධි තක්සේරුවට අනුව, ඉරාන යුරේනියම් තොගය විනාශ නොවූ බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයට පෙර යුරේනියම් බොහොමයක් න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලින් ඉවත් කර ගෙන ඇති බවද එම බුද්ධි නිලධාරීන් අනාවරණය කරනවා. භූගත න්‍යෂ්ටික පහසුකම්වලට හානි සිදුවී නොමැති බවද ඔවුන් සදහන් කරනවා.
මාස කිහිපයක් ඇතුළත එහි න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කළ හැකි බවද ඔවුන් බිබිසී මාධ්‍යට ප්‍රකාශ කොට තිබෙනවා.
ධවල මන්දිරය එම අනාවරණය ප්‍රතික්ෂේප කළ අතර, එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් ලෙසත් හඳුන්වා තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළිමණින්ම විනාශ වී ඇති බවයි.
ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් “ටෙල්අවිව්” ගුවන් තොටුපොළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සීමිත ප්‍රමාණයක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර
මහතා පවසනවා.
මේ අතර, ඊශ්‍රායලයෙන් පිටත් වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපොළ හරහා කොළඹට පැමිණ ඇති බව, ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ දැනට රැදී සිටින පිරිස් ඊශ්‍රායලය වෙත පැමිණීමට තම ගුවන් ටිකට් පත් පිළිබඳ විස්තර ඊට අදාළ ඒජන්සි මගින් විමසිය යුතු වනවා.
බොහෝ මගී පිරිසක් එකවර පැමිණිමට අපෙක්ෂා කරන බැවින් ගුවන් ටිකට්පත් ලබා ගැනීමේදී තරමක තදබදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
මේ වන විට ඊශ්‍රායලයේ “ටෙල්අවිව්” වෙත පැමිණෙන ගුවන් යානා හා ගුවන්තොටුපොළ තත්වයන් පිළිබඳ වැඩිදුර විස්තර සඳහා ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය අමතන ලෙස නිමල් බණ්ඩාර මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා.