ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එහි සමාරම්භක උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
එම බදු සතිය ‘බදු ශක්ති’ නමින් නම් කර ඇති අතර, ජූනි 02 වැනිදා සිට 07 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මකයි.
මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබා දීම සහ දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
