ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අම්පාර ප්‍රාදේශීය මධ්‍යස්ථනය අලුත් තැනකට

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු, පර්යේෂණ හා ක්ෂේත්‍ර ඉගෙනුම් ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අම්පාර, පන්ඩුකාභය මාවතේ, අංක – A01/B යන නව ස්ථානයේදී සේවා කටයුතු ආරම්භ කිරීම, ඊයේ (12) දින සිදු කෙරුණා.

ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්

මෙමගින් ඉදිරියේදී සීදුව ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් ක්‍රියාත්මක කරන සියළුම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යන්ට අවස්ථාව හිමිකර දීමට සැලසුම්කර ඇති බව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා පැවසුවා.

මෙම අවස්තාවට දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ප්‍රියන්ත විජේරත්න මහතා, මුතුමැණිකේ රත්වත්තේ මහත්මිය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අඹේවික්‍රම මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නිළධාරීන්, පාඨමාලා ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.