අරලගංවිල, වෙහෙරගල මල්දෙනිය මාර්ගයේ කැකුලුවෙල ප්‍රදේශයේදී ඊයේ (30) දින වෙහෙරගල දෙස සිට මල්දෙනිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසු පැදිකරුවෙකු අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 56 ක්වූ මල්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරගලංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඌව කරඳගොල්ල ප්‍රදේශයේදී ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 42 ක්වූ අයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
