IPL ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගය ලකුණු 38කින් ජය ගැනීමට ප්‍රතිවාදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ අහමදාබාද්හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 224 ක් රැස් කළා.
ශුබ්මන් ගිල් ලකුණු 76 ක් රැස් කළ අතර, ජෝෂ් බට්ලර් ලකුණු 64 යි.
සායි සුදර්ශන් ලකුණු 48 ලබා ගත්තා. පන්දු යැවීමේදී ජේදේව් උදන්කට් කඩුලු 3 ක් බිඳහෙලූවා.
පිළිතුරු ඉනිමේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත රැස් කර ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.
අභිෂේක් ෂර්මා ලකුණු 74 යි. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් සහ ප්‍රසීද් ක්‍රිෂ්නා කඩුලු දෙක බැගින් දවා ගත්තා.
