වෙනිසියුලාවට සහ එරටින් පිටතට යාත්‍රා කරන සියලුම ඉන්ධන ප්‍රවාහන නෞකා මුළුමණින්ම අවහිර කිරීමට නියෝග කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහුගේ සමාජ මාධ්‍ය ජාලය වන Truth Social හි සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබෙනවා.
වෙනිසියුලාව තෙල් සහ ඉඩම් වැනි අමෙරිකානු වත්කම් සොරකම් කර ඇති බවට ට්‍රම්ප් චෝදනා කරනවා.
ඔවුන් ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරමට සම්බන්ධ බවයි ට්‍රම්ප් කියා සිටින්නේ.
අමෙරිකාව, වෙනිසියුලා වෙරළට ඔබ්බෙන් තෙල් ප්‍රවාහන නෞකාවක් තම භාරයට ගැනීමෙන් සතියකට පසු මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එය වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝගේ රජයට එල්ල කරන පීඩනය තවදුරටත් ඉහළ යාමක් ලෙස සැලකෙනවා.
දකුණු කලාපයට ඇතුළු වූ විශාලතම නාවික හමුදා කණ්ඩායම ෙම් වන වෙනිසියුලාව වට කර ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ. හමුදා පැමිණීම පුළුල් වන බවටත් ට්‍රම්ප් අනතුරු අඟවා සිටිනවා.
අපරාධ සහ ප්රචණ්ඩත්වය සඳහා මුදල් සැපයීමට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ පරිපාලනය විසින් සොරකම් කරන ලද තෙල් වලින් උපයන මුදල් භාවිතා කරන බවට ද ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරනවා.
මෙම චෝදනා වලට වෙනිසියුලාව තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.
