මෙම තීරණය ගෙන ඇත්තේ, ගතවූ වසරේ අත්සන් කළ වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන බවට එල්ලකළ චෝදනා මතයි.
සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, වාහන, දැව, ඖෂධ ඇතුළු භාණ්ඩ රැසකට අදාළව පවතින 15% බද්ද 25% දක්වා වැඩි කරන බවයි.
එහිදී ඔහු කියා සිටියේ, දකුණු කොරියානු පාර්ලිමේන්තුව ගිවිසුම අනුමත කිරීම ප්‍රමාද කර ඇති අතර, අමෙරිකාව තම වගකීම් ඉක්මනින් ඉටු කළ බවයි.
මේ අතර, දකුණු කොරියාව පවසන්නේ බද්ද ඉහළ නැංවීම පිළිබඳව නිල දැනුම්දීමක් ලැබී නොමැති බවත්, වොෂිංටනය සමඟ හදිසි සාකච්ඡා ක්‍රියාත්මක කිරීමට තම රට බලාපොරොත්තු වන බවයි.
දකුණු කොරියානු කර්මාන්ත අමාත්‍ය කිම් ජන්ග් ක්වාන්වො නුදුරු දිනයක ඇමරිකානු වෙළඳ අමාත්‍ය හෝවර්ඩ් ලට්නික් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
මෙම පුවත හේතුවෙන් දකුණු කොරියානු කොටස් වෙළඳපොළේ වාහන නිෂ්පාදක හයිඋන්ඩායි (Hyundai) ඇතුළු සමාගම්වල කොටස් අගය පහළ ගොස් තිබෙනවා.
