ට්‍රම්ප්ගෙන් නෙතන්යාහු හරහා සාමය

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. හමාස් සංවිධානයට මෙම යෝජනාව පිළිගන්නා ලෙසත්, එය එසේ නොවුවහොත් ප්‍රතිවිපාක විදීමට සිදු වන ලෙසත් ඒකාබද්ද මාධ්‍ය හමුවේදී ඔවුන් ප්‍රකාශ කළා.

සාම ගිවිසුම් යෝජනාවට අනුව දෙපාර්ශ්වයටම සටන් වහාම නතර කර යුතු වනවා. හමාස් සංවිධානය විසින් ජීවමානව සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු සහ සහ මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් ඊශ්‍රායල බාධාරින්ට ලබා දීමට සිදුවනවා. ඒ වෙනුවට රඳවාගෙන සිටින සිය ගණනක් පලස්තීන සිරකරුවන් නිදහස් කිරමට ඊශ්‍රායලට සිදුවනවා. ගාසා තීරය පාලනය කිරීමේදී හමාස් සංවිධානයට කිසිඳු කාර්යභාරයක් නොතිබිය යුතු බවත්, ට්‍රම්ප් නායකත්වය දෙන ජාත්‍යන්තර ආයතනයක් විසින් අධීක්ෂණය කරනු ලබන මධ්‍යස්ථ පලස්තීන කමිටුවක් මගින් තාවකාලික ගසා තිරයේ පරිපාලනය මෙහෙයවනු ලබන බවත් සැලැස්මේ සඳහන් වනවා. ට්‍රම්ප්ගේ උත්සාහයන් අවංක හා අධිෂ්ඨානශීලී බව පලස්තීන අධිකාරිය පවසනවා. ට්‍රම්ප්ගේ උත්සාහයන් අවංක හා අධිෂ්ඨානශීලී බව පලස්තීන අධිකාරිය පවසනවා. යුද්ධය අවසන් කිරීමට, ආධාර ලබා දීමට සහ ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව පලස්තීන අධිකාරිය පවසනවා.