
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. සංවාදයෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ රුසියානු යුක්රේන යුද ගැටුම් අවසන් කිරීමේ සාකච්ඡා සඳහා තමන් රුසියානු ජනාධිපතිවරයා හංගේරියාවේදි හමුවීමට එහිදී තීරණය කළ බවයි.
එහෙත්, දෙරට අතර නායකයින්ගේ මෙම හමුව සිදුවන දිනයක් තීරණය නොකළ බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. අමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර සිදුවු මෙම දුරකථන සංවාදය ඵලදායී මට්ටමෙන් අවසන්වු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටිනවා. රුසියාවද එය සාර්ථක බවයි තහවුරු කර තිබෙන්නේ. ක්‍රෙම්ලීනය සඳහන් කරන්නේ ජනාධිපතිවරුන් දෙදෙනා අතර, ඊයේ සිදුවු දුරකථන සංවාදයෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කඩිනමින් ආරම්භ වනු ඇති බවයි. මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදමියර් සෙලෙන්ස්කි අතර හමුවක් අද ධවල මන්දිරයේදි සිදුවීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.