ට්‍රම්ප්ගේ ඉරාන සාකච්ඡාව ඇත්තක්ද ?

අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශ ගෝලීය තෙල් මිල පාලනය සඳහා ඔහු දරණ උත්සහයන් පමණක් බවත් ඉරානය පවසනවා.

තමාට හිතවත් මිතුරු රටවලින් සාකච්ඡා සඳහා ඇරයුම් ලැබී ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසනවා.

ඉරානය කියා සිටින්නේ, යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රධාන කරුණු 3 කින් යුත් එකඟතාවන් රැසකට අමෙරිකාව ප්‍රමුඛ රටවල් එළඹිය යුතු බවයි.

එම යෝජනා අතර, ඉරානයට එල්ල කෙරෙන ප්‍රහාර නතර කිරීම සහ ඉදිරියේදී එවැනි ප්‍රහාර එල්ල නොකරන බවට සහතිකයක් ලබාදීම, කලාපයේ රටවල් ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ ඉරානයට එල්ලවූ ප්‍රහාරවලින් සිදුවූ අලාභහානි සඳහා නිසි වන්දි මුදලක් ලබාදීම ප්‍රධාන තැනක් ගන්නවා.