ට්‍රම්ප්ගේ තීරුබදුවලට යුරෝපා සංගමය සහ මෙක්සිකෝවෙන් විරෝධය

‍අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ‍, යෝජිත සියයට 30ක නව තීරුබද්ද සම්බන්ධයෙන්, යුරෝපා සංගමය සහ මෙක්සිකෝව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙක්සිකෝ රජය පෙන්වා දෙන්නේ එය, ජනාධිපති ට්‍රම්ප්ගේ අසාධාරණ ගිවිසුමක් බවයි.

එළඹෙන අගොස්තු පළමු වැනිදා සිට, තම ආනයන සඳහා සියයට 30 ක නව තීරු බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ අනතුරු ඇඟවීම, යුරෝපා සංගමය සහ මෙක්සිකෝව විවේචනයට ලක් කරමින් සිටිනවා.

මෙක්සිකෝ රජය කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජිත නව තීරු බද්ද, අසාධාරණ ගිවිසුමක් බවයි.

එහිදී ස්වෛරීභාවය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැති බවද එම රජය අවධාරණය කරනවා.

අවශ්‍ය වුවහොත් ජනාධිපති ට්‍රම්ප්ගේ නව තීරු බද්දට සමානුපාතික ලෙස ප්‍රති පියවර ගන්නා බවට යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩෙයර් ලේන් අනතුරු අඟවනවා.

යුරෝපා සංගමය සහ මෙක්සිකෝව ප්‍රකාශ කරන්නේ අමෙරිකාව සමග මේ සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට අත්‍යවශ්‍ය බවයි.