අමෙරිකානු තීරුබදු හේතුවෙන්, යුරෝපයට පීඩනයක් හෝ තර්ජනයක් නොවන බව ඩෙන්මාර්ක් අගමැතිනි මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්තය සම්බන්ධ තීරුබදු තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා යුරෝපීය නායකයින් සමග සාකච්ඡා කරන අතරතුර ඇය මේ බව කියා සිටියා.
යුරෝපය ස්ථාවරව සිටින බවත් එක්ව ක්‍රියා කරන බවත් ආර්ථික පීඩනයට යටත් නොවන බවත් ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.
ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, තමා යෝජනා කරන ඩෙන්මාර්ක භූමිය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට විරුද්ධ වුවහොත් යුරෝපා රටවල් අටකට පෙබරවාරි මාසයේ සිට නව බදු පනවන බවයි.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය සහ එක්සත් රාජධානිය එම රටවල් අටයි.
අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය ඉතා වැදගත් බවත්, එය බලහත්කාරයෙන් හෝ අත්පත් කරගැනීමේ අදහස තවමත් අතහැර නොමැති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් අවධාරණය කරනවා.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ලක්ව ඇත්තේ, පුළුල් විවේචනයකටයි.
තීරුබදු තර්ජනයට ලක්ව ඇති රටවල් මේ වන විට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ඔවුන් පවසන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ සැලැස්ම අවදානම් බවයි.
තීරුබදු තර්ජන අත්ලාන්තික් සාගර කලාපීය සබඳතාවලට දරුණු තර්ජනයක් බව එම රටවල් පෙන්වා දෙනවා.
ඩෙන්මාර්ක රාජධානිය සහ ග්‍රීන්ලන්ත ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බවත් එම රටවල් යළි අවධාරණය කර සිටිනවා.
නේටෝ හමුදා සන්ධානයේ සාමාජිකයන් ලෙස ආක්ටික් කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට කැපවී සිටින බව ද අදාළ රටවල් අවධාරණය කරනවා.
