ට්‍රම්ප්, පුටින් දුරකතන සංවාදයෙන් පසු ගත් තීරණය

රුසියානු ගුවන් කඳවුරු වෙත යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට රුසියාව ඉදිරියේදි ප්‍රතිචාර දක්වනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අගවා තිබෙනවා.

රුසියානු ජනාධිපති, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දුරකතන සංවාදයකදි මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැයකට වඩා වැඩි කාලයක් ජනාධිපතිවරුන් දෙපළ අතර දුරකතන සංවාදය පැවති බව සඳහන්.

යුක්‍රේනය පසුගියදා රුසියානු ගුවන් කඳවුරුවලට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා.

ඊට ප්‍රතිචාර දැක්වීම බොහෝ ඉක්මණින් සිදු‍වනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා තමන් සමඟ පැවසු බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් රුසියාව සහ යුක්‍රේනය අතර, සාමය ඇති කිරීම තවදුරටත් දුෂ්කර වනු ඇති බව ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.