යුරෝපා නායකයින් සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මාර්ගගත රැස්වීමක් පවත්වා තිබෙනවා.
අලෙස්කාවේදී පැවැත්වීමට නියමිත රුසියානු අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පිළිබඳව එහිදි අවධානය යොමුකෙරුනු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇලස්කා සමුළුව සඳහා තම ප්‍රධාන ඉලක්කය වන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට මැදිහත් වීම බව ට්‍රම්ප් යුරෝපීය නායකයින්ට පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
යුරෝපානු නායකයින් රැසක්, ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේනය සහ රුසියාව අතර සාමය උදා කිරීමට දරන උත්සාහය පැසසුමට ලක් කර ඇති බව සඳහන්.
ඕනෑම ගනුදෙනුවකට යුක්‍රේන ජනාධිපති වොලදමියර් සෙලෙන්ස්කි ඇතුළත් විය යුතු බවත් යුක්‍රේනය සදහා ස්ථිර ආරක්ෂක සහතිකයක් ඇතුළත් කළ යුතු බවටත් ට්‍රම්ප් එකඟ වූ බවයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තහවුරු කර ඇත්තේ.
මෙම රැස්වීම මගින් ට්‍රම්ප්ගේ අභිප්‍රායන් පැහැදිලි කිරීම සහ යුරෝපානු නායකයින් හට තම අපේක්ෂාවන් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසුන බවද ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ෆින්ලන්තය සහ පෝලන්තය යන රටවල නායකයින් මෙන්ම නේටෝ සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් ද මෙම හමුවට සහබාගි වී තිබෙනවා.
යුක්‍රේනයේ ආරක්ෂාව සහ එහි සුරක්ෂිතභාව සම්බන්ධයෙන් යුරෝපානු නායකයින් සමග පැවැත්වූ හමුවේ ප්‍රගතියක් ඇති බවයි එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් පවසන්නේ.
රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයක් ඇති කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහයට එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා කර තිබෙනවා.
