
ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන “ශ්‍රීධරන් නෙරංජන්” නොහොත් “ටින්කර්” නැමැත්තා අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඔහු ඩුබායිහි දී අත්අඩංගුවට පත්වූයේ ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකින්.
ඩුබායි සිට රැගෙන ආ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරින් විසින් ගුවන්තොටුපොළේ දී පෑලියගොඩ පොලිස්ථානයේ නිලධාරින් වෙත බාර දී තිබෙනවා. “ටින්කර්” නැමති මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කොච්චිකලේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙසයි, හඳුනාගෙන ඇත්තේ. වයස අවුරුදු 36 ක් වන සැකකරු, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පසුගිය වසරේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිදුවූ ඝාතනයකට සහ පසුගිය අගෝස්තු 19 වැනිදා පෑලියගොඩ පොලිස් වසමේ සිදුවූ ඝාතනයකටත් සැකකරු සම්බන්ධ වී ඇති බවටයි, අනාවරණය වී ඇත්තේ.