ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක දැවැන්ත පිපිරීමක්

අමෙරිකාවේ ටෙක්සාස්හි පෝට් ආතර් (Port Arthur) හි පිහිටි වැලෙරෝ (Valero) පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රබල පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, පිපිරීම් හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස (shelter-in-place) හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පෝට් ආතර් නගරයේ නිල වෙබ් අඩවිය සඳහන් කළේ, අවට වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ පිරිපහදුව තුළ සේවකයින් 700කට අධික පිරිසක් සේවය කර ඇති අතර, කිසිඳු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර පිරිපහදුව අවට මාර්ග රැසක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් සහන සේවා කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් සිටිනවා.