මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් තිබෙනවා.
‘කර්’ ප්‍රාන්තයේ 84 දෙනෙකු අතුරුදන් බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.
කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක මියගිය ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු බව තහවුරු වී තිබෙනවා.
තවමත් ළමයින් 10 දෙනෙකු සහ උපදේශකවරයෙකු අතුරුදහන් බවයි වාර්තා වන්නේ.
කාළගුණ අංශ පවසන්නේ තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්ෂා කරන බවයි.
මේ නිසා හදිසි ගංවතුර හටගැනීමේ අවදානමක් ද පවතිනවා.
ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේද යන්න පිළිබඳව මේ වන විට ගැටලු මතු වී තිබෙනවා.
ධවල මන්දිරය පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් මේ සති අන්තයේ ගංවතුරින් විනාශ වූ ප්‍රදේශ වෙත යාමට සැලසුම් කර ඇති බවයි.
