
වත්මන් රජයේ යෝජනාවකට අනුව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ එක් පියවරක් ලෙස මෙතෙක් කල් පැවති උප්පැන්න සහතිකය වෙනුවට පරිගණක ගත කරන ලද ජාතික උප්පැන්න සහතික වශයෙන් නිකුත් කිරීම (02) දින සිට නාවලපිටිය පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙදී ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
ජාතික උප්පැන්න සහතිකය මගින් යම් උපතක් ලියාපදිංචි කිරීමේදීම ඔහුට හිමිවන ජාතික හැඳු නම්පත් අංකයත් නිකුත් කෙරෙන අතර, එහි සඳහන් කිව් ආර් කේතය මගින් පුද්ගලයාගේ සියලු තොරතුරු පහසුවෙන් මේ තුලින් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවයි පස් භාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් තීක්ෂණා ඉලේපෙරුම මහත්මිය ප්‍රකාශ කර සිටියේ.
පරිගණක ගත කරන ලද උප්පැන්න සහතික පිටපත් නිළ වශයෙන් මන්ත්‍රීවරිය විසින් කිහිප දෙනෙකුට ද ලබා දෙන ලදී.
මුල් අදියරේදී වර්ෂ 2020 සිට උපන් බිලිදුන්ගේ උප්පැන්න සහතික ජාතික උප්පැන්න සහතික බවට පරිවර්තනය සිදු කරන බවත්, කඩිනමින් තම බලප්‍රදේශය තුළ සිටින සියලු දෙනාගේ උප්පැන්න ජාතික උප්පැන්න බවට පරිවතනය කිරීමට බලාපොරොත්තු වන බවත්, මන්ත්‍රීවරිය පැවසීය.
ඩිජිටල්කරණය රාජ්‍ය සේවයට ඇතුළත් කිරීම ප්‍රමාද වී හෝ ආරම්භ කිරීම සුභදායක බවත්, උප්පැන්න සහතිකයේ විවාහක බව වැනි අනවශ්‍ය කොටස් ඉවත් කිරීම දේශපාලනයෙන් තොරව කාන්තා නියෝජිතවරියක් ලෙස තමන් අගය කරන බවත්, එසේම ජාතිකත්වය ලෙස ශ්‍රී ලාංකීය යන යෙදුම පිළිබඳ තම ප්‍රසාදය හිමිවන බවයි ඇය පවසා සිටියේ